මෙල්බන් වරායට පැමිණි නෞකාවක $ මිලියන 61 ක කොකේන් කිලෝ 154 ක්

මෙල්බන් වරාය දක්වා පැමිණි නෞකාවක තිබී ඩොලර් මිලියන 61 ක් පමණ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 154 ක් සොයාගෙන තිබෙනවා.

දකුණු අමෙරිකානු රටක සිට පසුගිය ඔක්තෝබර් 07 වනදා මෙම නෞකාව පැමිණ තිබූ අතර එහි බඳෙහි ඉතා සූක්ෂමව මෙම මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබී ඇති බව සඳහන්.

මෙම කොකෙන් තොගය ආරක්ෂිතව සමාජයට පැමිණියේ නම් අවස්ථා 770,000 කදී පමණ අලෙවිවීමට ඉඩ පැවති බවයි විමර්ශන අංශ සඳහන් කර සිටින්නේ.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් සිදුකර තිබූ විමර්ශනයකදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබුණා.

මෑතකාලීනව මෙල්බන් වරායට පැමිණි නෞකාවකින් මෙතරම් විශාල කොකේන් තොගයක් හමවූ 02 වන අවස්ථාව මෙයයි.

පසුගිය අගෝස්තු මාසයේදීත් මෙලෙසම නෞකාවක බඳෙහි සගවා තිබූ කොකේන් කිලෝ 200 ක් ආරක්ෂක අංශ භාරයට පත්ව තිබුණා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »