තහනම මැදත් මෙරට නිවාස 1/3 ක තවමත් ඇස්බැස්ටස් – වසරකට මරණ 4,000 ක්

මෙරට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හදුනාගෙන තිබෙනවා.

ඇස්බැස්ටස් තුරන් කිරීමේ කවුන්සිලයේ සභාපති පෝල් බැස්ටියන් සඳහන් කළේ ඇස්බැස්ටස් ආශ්‍රිත රෝග හේතුවෙන් තවමත් වසරකට මරණ 4,000 ක් පමණ මෙරටින් වාර්තා වන බවයි.

ඇස්බැස්ටස් මූලද්‍රව්‍ය ලැව්ගිනි මෙන්ම ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වීමෙන් සිදුවන අවධානම ඉහළ වන අතර පරිසර දූෂණය සඳහා ද බලපෑම් කරනු ඇති.

වසර 20කට පෙර නිවාස ඉදිකිරීමේ ජනප්‍රිය මුලිකාංගයක් බවට ඇස්බැස්ටස් පත්ව තිබූ අතර ඉන් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

තවදුරටත් නිවාස තුළ ඇස්බැස්ටස් මුලද්‍රව්‍ය සහිත කොටස් පවතින්නේ නම් ඒවා ආරක්ෂිතව ඉවත් කිරීමට පළපුරුදු කාර්මිකයින්ගේ සහය ලබා ගන්නා ලෙස බලධාරින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් රට පුරා ගොඩනැගිලි සහ ව්‍යුහයන් මිලියන ගණනක තවදුරටත් ඇස්බැස්ටස් භාවිතයේ පවතින අතර එමගින් පුද්ගල ජිවිත වලට ද තර්ජනයක් සිදුවිය හැකි බැවින් ඉක්මනින් අදාළ ගොඩනැගිලි ඇස්බැස්ටස් තුරන් ස්ථාන බවට පත් කරගන්නා ලෙසයි ඇස්බැස්ට්ස් තුරන් කිරීමේ කවුන්සිලය ජනතාවට අනතුරු අගවා ඇත්තේ.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »