
පසුගිය සතියේ අවස්ථා 02 කදී චීන ජනාධිපති ෂී ජිංපින් සමග සිදුකල සාකච්ඡා පිළිබඳ නිවැරදි තොරතුරු රටට හෙළිකරන්නැයි විපක්ෂ නායක පීටර් ඩට්න් අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ඉල්ලා සිටිනවා.
චීන නාවික හමුදා අත්හදා බැලීමක් අතරතුර ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා කිමිදුම්කරුවන් පිරිසක් අවධානමකට ලක්වීම පිළිබඳ එහිදී අවධානය යොමුකලේ දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.
මෙම සිදුවීම වාර්තාවී දින කිහිපයක් ගතවී ඇතත් අගමැති ඇල්බනීස් හෝ ලේබර් පක්ෂ රජය විසින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැතිවීම ගැටලු සහගත බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටින්නේ.

මෙට සමස්ත රටවාසීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවටද පීටර් ඩට්න් චෝදනා කරනවා.
චීනයේ යුධමය ක්‍රියාකාරකම් හමුවේ ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට මීට වඩා වැඩි අවධානමක් ඇතිවුවහොත් එහි වගකීම භාරගන්නේදැයි ඔහු අගමැති ඇල්බනීස්ගෙන් තවදුරටත් විමසා සිටිනවා.
