Search

ඉදිරි වසර තුළ මෙල්බන් – සිඩ්නි ඇතුලූ ප්‍රධාන නගර කිහිපයක නිවාස මිල පහතට

ඉදිරි වසර තුළ මෙල්බන් සහ සිඩ්නි ඇතුලූ ප්‍රධාන නගර කිහිපයක නිවාස ඇතුලූ දේපල මිල ගණන් පහත වැටෙනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකතනය කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය නිවාස මිල ගණන් සියයට එකේ සිට තුන දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

සිඩ්නි නාගරික කලාපයේ නිවාස සහ දේපළ මිළ සියයට හතරකින් පහත වැටීමක් අපේක්ෂා කළ ද සමස්ථ නගරය පුරාම අදාළ මිල ගණන් පහත වැටීමක් සිදු නොවනු ඇති.

මේ අතර මෙල්බන් හී නිවාස මිල ගණන් සියයට තුනකින් ද කැන්බරා හි නිවාස මිල සියයට හතරේ සිට අට දක්වා ද පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

ඇඩිලේඩ් සහ ඩාර්වින් නගරවල නිවාස මිළ ගණන් ස්ථාවරව පවතිනු ඇති අතර පර්ත් සහ බ්‍රිස්බන් හි නිවාස මිළ ලබන වසරේත් තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස මිල ගණන් තවදුරයත් ඉහළ යනු ඇතැයි ද පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ යෑම සහ මන්දගාමි ආර්ථික වර්ධනය ඊට හේතුවිය හැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »