
ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ කාළගුණික තත්වයන් පැවතිය හැකි බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.
නැගෙනහිර ප්‍රාන්ත වන ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – ACT සහ වික්ටෝරියා හි ධාරාණිපාත වැසි / සුළි කුණාටු / අකුණු සහ ජල ගැලීම් තත්වයන් අපේක්ෂා කෙරෙනු ඇති.
වැඩම වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් සඳහා වන අතර වික්ටෝරියා හි අකුණු සමග ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි බව සඳහන්.

සති අන්තය වනවිට දකුණු ඔස්ට්‍රේලියාවටද මෙම තත්වය ව්‍යාප්ත විය හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය දන්වා සිටින්නේ.
කෙසේවෙතත් පර්ත් ඇතුලු බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවකට ඉදිරි සතියේදී අධික උණුසුම් කාළගුණයක් පුරෝකථනය කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 – 45 අතර අගයකට පවා ඉහළ යා හැකි බවටයි අනාවැකි පළකර ඇත්තේ.