
2026 වසරේදී සඳ මතට යැවීමට නියමිත ඔස්ට්‍රේලියාවේ පළමු චන්ද්‍ර රෝවරය සඳහා සුදුසු නාමය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට ලබාදී තිබෙනවා.
මහජනතාව විසින් එවන ලද නාමයන් 8,000 ක් පමණ අතුරින් අවසාන වටය සඳහා නම් 04 ක් තෝරාගෙන ඇති අතර එයින්ද වඩාත් සුදුසු නාමය තෝරා ගැනීමයි මෙහිදී සිදු කෙරෙන්නේ.
දැනට තෝරාගෙන ඇති අවසන් නාමයන් 04 වන්නේ කූලමොන් – කැකිර්රා – මේට්ස් සහ රූ-වර් යන්නයි.

(Coolamon, Kakirra, Mates, and Roo-ver)
2026 වසරේදී අමෙරිකාවේ නාසා ආයතනය විසින් සඳ මතට යැවීමට නියමිත යානයක් සමග පිටත්කර හරින ඔස්ට්‍රේලියානු රෝවරය සඳහායි මෙලෙස සුදුසු නාමයක් විමසනු ලබන්නේ.

ඔස්ටේ්‍රලියානු අභ්‍යවකාශ ගවේෂණ ආයතනය විසින් ඉදිරියේදී අවසාන නාමය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.