
Black Friday දිනයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවි කරන වංචනික වෙබ් අඩවි පිළිබද අවධානයෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිෂන් සභාව සදහන් කර ඇත්තේ ව්‍යාජ අලෙවිකරණ වල කැපී පෙණෙන වැඩිවීමක් මේ දින වන අනාවරණය වී ඇති බවයි.
නොවැම්බර් 24 සිට නොවැම්බර් 27 දක්වා දින 04 ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 6.36 ක මුදලක් Black Friday දීමනා සඳහා වැය කිරීමට සුදානම් වන අතර එම අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 03 ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් ව්‍යාජ අලෙවිකරණ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2’760 ක් පමණ ලැබී ඇති අතර 2023 වසරේ පමණක් ව්‍යාජ වෙබ් අඩවි හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට සිදු වු පාඩුව ඩොලර් ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.
Scamwatch සඳහන් කළේ අන්තරජාල අළෙවිකිරීම් සම්බන්ධ වාර්තා වු පැමිණිලි අතුරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ප්‍රසිද්ධ ආයතනවලට සමාන ආකාරයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 91ක් මෙවර උත්සව සමයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගැනිමට ප්‍රියතාවක් දක්වන බව හදුනාගෙන ඇති අතර තමන් මිලදී ගැනීම සඳහා භාවිත කරන වෙබ් අඩවියෙහි URL කේත පරික්ෂා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට හැත්තෑ දෙකකට වැඩි බහුතරයක් සඳහන් කර ඇත්තේ ආරක්ෂිතව අන්තර්ජාලය ඔස්සේ ගණුදෙනුකිරීමට තමන්ට හැකි බවයි.