නව කොවිඩ් 19 එන්නත් 02 ක් සඳහා ෆෙඩරල් රජයේ අනුමැතිය

රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය සදහා නව කොවිඩ් 19 එන්නත් දෙකක් සඳහා ෆෙඩරල් රජයේ අනුමැතිය ලැබී තිබෙනවා.

නව එන්නත් කොව්ඩ් 19 අවධානම පාලනය සහා වැඩි ඵලදායිතාවක් සහිත සෞඛ්‍ය ආරක්ෂිත උපාංගයක් ලෙසයි හදුනා ගෙන ඇත්තේ.

විශේෂයෙන් වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සදහා කොවිඩ් වෛරසය වැලදීමේන් සිදුවන ජීවිත තර්ජන අවම කර ගැනීම සදහා අවස්ථාව හිමිවනු ඇති.

Pfizer නව එන්නත වයස අවුරුදු පහ හෝ ඊට වැඩි ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි අතර Moderna එන්නත අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා අනුමත කර තිබෙනවා.

අදාළ නව එන්නත් දෙකම පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස සිට ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතය සදහා අනුමත කර ඇති අතර එමගින් කිසිදු අවධානමක් ඇති නොවන බව ද වාර්තා වනවා.

දැනට පැවති කොවිඩ් මර්ධන එන්නත් ඉදිරියේ දී ද එළෙසම පවතින අතර 2023 වසර සදහා කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් යළිත් එන්නත් ලබා ගැනිම අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේ වෙතත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන් රට පුරා හදුනාගෙන ඇති අතර ක්වින්ස්ලන්ඩ් හි වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »