
ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමීතින් වෙනස් කිරීමත් සමග ඔටිසම් තත්වයෙන් පසුවන රියදුරන් දහස් ගණනක් නීත්‍යානූකුල රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවහිරතාවකට මුහුණ පා තිබෙනවා.
එක් එක් පුද්ගලයාට පවතින ඔටිසම් රෝගී තත්වය වෙන වෙනම තක්සේරු කිරීමේ අරමුණින් ජාතික රිය පැදවීමේ යෝග්‍යතා ප්‍රමිතීන් හදුන්වා දීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මට්ටම් තුනක් යටතේ ඔටිසම් රෝගී තත්වය නිරීක්ෂණය කරන අතර අවසන් මට්ටමෙහි පසුවන රෝගීන් සදහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අවධානම් සහගත බවයි වාර්තා වන්නේ.

ඔටිසම් රෝගීන් පවසන්නේ මෙලෙස නව ප්‍රමිතීන් හදුන්වාදීම මගින් තමන් වෙනස් කොට සැලකීම හා සමාජය තුළ අවතක්සේරුවට ද ලක්වන බවයි.
මීට පෙර ඔටිසම් රෝගීන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මෙවැනි වර්ගීකරණ සිදු නොකලේ ඇයි දැයි ඔවුන් විමසා සිටිනවා.

කෙසේ වෙතත් රියදුරන් ආරක්ෂිතව රිය ධාවනය සඳහා නිසි සෞඛ්‍ය තත්වයේ පසුවන්නේ දැයි මැන බැලීම රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට පෙර සිදු කිරීම අවශ්‍ය වන බැවින් මෙලෙස නව නිර්ණායක හඳුන්වා දෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ.