Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක රැකියා දැන්වීම්වල කැපී පෙනෙන පහළයාමක්

පසුගිය ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස 12 තුළදී රැකියා ඇබෑර්තු දැන්වීම් සංඛ්‍යාව පසුගිය වසරට සාපේෂව සියයට 20 කින් පහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලතම රැකියා ඇබැර්තු වෙබ් අඩවිය වන SEEK විසින් නිකුත් කර ඇති දත්ත අනුව මෙම වසරේ සැප්තැම්බරයට වඩා ඔක්තෝබරයේ පළවූ රැකියා පුරප්පාඩු දැන්වීම් සංඛ්‍යාව සියයට 05 කින් පමණ පහළගොස් ඇති බව සඳහන්.

විශේෂයෙන් වඩාත් ජනාකීර්ණ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්ත ඇබෑර්තු සංඛ්‍යාව කැපී පෙනෙන පහළයාමකුයි පෙන්නුම් කර ඇත්තේ.

ඒ අනුව වික්ටෝරියා හි රැකියා දැන්වීම් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 26.5 කින් ද / නිව් සවුත් වේල්ස් දැන්වීම් සංඛ්‍යාව සියයට 24.6 කින් ද / හි සියයට 21.1 කින් ද පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ආගන්තුක සත්කාර, සැලසුම් සහ ගෘහ නිර්මාණ, සිල්ලර වෙළඳාම්, පාරිභෝගික සේවා, මූල්‍ය හා බැංකු ඇතුලූ ක්ශේත්‍ර ගණනාවකම පුරප්පාඩු ඉතා අවම මට්ටමක පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර පසුගිය මාසයේ කර්මාන්ත අංශ රැකියා ක්ශේත්‍ර 28 කින් නීති, උපදේශන සහ කෘෂිකර්ම යන අංශ තුනෙහි රැකියා පුරප්පාඩු සංඛ්‍යාව පමණක් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

එළඹෙන කාර්යබහුල ගිම්හාන සෘතුවත් සමග ආගන්තුක සත්කාර ක්ශේත්‍රයේ රැකියා ඇබෑර්තු සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අපේක්ෂා කළ ද අදාළ දැන්වීම් පුරප්පාඩු සියයට 11.6 කින් පහත වැටී තිබෙනවා.

උද්ධමනය සහ ජීවන වියදම ඉහළයෑමත් සමග ව්‍යාපාර මත පවතින අඛණ්ඩ පීඩනය හමුවේ නව බඳවා ගැනීම් කප්පාදු කර ඇති බවයි SEEK වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

රැකියා වෙළදපලෙහි සීමිත පුරප්පාඩු හේතුවෙන් එක් රැකියාවක් සඳහා ලැබෙන ඉල්ලූම්පත් ප්‍රමාණය සියයට 4.1කින් ඉහළ ගොස් ඇති අතර එම අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 81.1 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබෙනවා.

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »