සංක්‍රමණිකයන් ගැන තීන්දුවට අගමැතිගෙන් ප්‍රතිචාරයක්

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් මහාධිකරණ තීන්දු නඩු විභාගයේදී ෆෙඩරල් රජය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකල බවට එල්ලවන චෝදනා අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රතික්ෂේප කරනවා.

රජය විසින් සියලු කරුණු නිසියාකාරයෙන් අධිකරණයේදී ඉදිරිපත් කල බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් අධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටින බවද අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කලා.

දින නියමයක් නොමැතිව රඳවා සිටින අනවසර සංක්‍රමණිකයන් වහා නිදහස් කරන ලෙස මහාධිකරණය විසින් පසුගියදා තීන්දුවක් ලබාදුන්නා.

එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසටයි පාර්ශව රැසක් අවධාරණය කරන්නේ.

ඒ අනුව එම සංක්‍රමණිකයන් සිටින ස්ථාන නිරීක්ෂණය කල හැකි උපකරණ පැළඳීම ඇතුලු රෙගුලාසි කිහිපයක් මේ වනවිටත් පණවා අවසන්.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »