
කාර්යාලයක් තුළ වැඩ කිරීම පුද්ගල හා සේවා ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වන බව Fair Work කොමිෂන් සභාව පවසනවා.
ඇසුරුම් සමාගමක සේවකයෙකු නිවසේ සිට සේවය කිරීමට අවශ්‍යයැයි ලබා දුන් අයදුම්පත ආයතන ප්‍රධානීන් විසින් ප්‍රතික්ශේප කිරීමත් සමග අදාළ සේවකයා Fair Work කොමිෂන් සභාව වෙත අභියාචනයක් ගොණු කර තිබුණා.
මෙතක් අදාළ සමාගම් සේවකයින් සඳහා සේවා වාරයන්ගෙන් සියයට 40ක් කාර්යාලයේ සිට රාජකාරිවල නිරත විම අනිවාර්ය කර ඇති අතර අදාළ සේවකයා සමස්ථ කාර්යයන් නිවසේ සිට කිරීමට ඉල්ලමිනුයි අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණේ.

අදාළ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව Fair Work කොමිෂන් සභාවද සේවකයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර සඳහන් කර ඇත්තේ කාර්යාලයේ සිට වැඩ කිරීම ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වන බවයි.
Fair Work කොමිෂන් සභා තීන්දුව සමස්ථ රැකියා පද්ධතියටම බලපෑම් සහගත වන අතර යළිත් සේවකයින් කාර්යාල වෙත ගෙන්වා ගැනීම සඳහා දිරිමත් කරනු ඇති.

මේ අතරFair Work කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ නිවසේ සිට රාජකාරි වල නිරත වන්නන්ට සාපේක්ෂව කාර්යාලයට පැමිණ රාජකාරිවල නිරතවීම ඵලදායිතාවට මෙන්ම වැඩි වාසි අත් කර ගැනීමට හැකි වන බවයි.