මහා පරිමාණ ළමා අපචාර ජාලයක ප්‍රධාන චූදිත ක්වීන්ස්ලන්ඩ් ගුරුවරයාට තවත් චෝදනා 200 ක්

මහා පරිමාණ ළමා අපචාර ජාලයක ප්‍රධාන චූදිතයා ලෙස හඳුනාගෙන ඇති ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාථමික පාසල් ගුරුවරයාට තවත් චෝදනා 200 කට අධික සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.

35 හැවිරිදි මොහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව චෝදනා කිහිපයක් පළමුවෙන් ගොනු කරනු ලැබුවා.

කෙසේවෙතත් මොහු සතුව තිබී ළමා අපචාර සම්බන්ධ මුද්‍රිත සහ ඩිජිටල් ලේඛණ රැසක් හමුවීමත් සමග අමතර චෝදනා ගොණු කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවරගෙන ඇත්තේ.

මෙම විමර්ශනය සඳහා ක්වීන්ස්ලන්ඩ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද සහයෝගය පොලිසියට ලැබී තිබුණා.

මොහු ලබන ජනවාරි 19 වනදා නැවතත් කෙයාර්න්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Support is available from the National Sexual Assault, Domestic Family Violence Counselling Service at 1800RESPECT (1800 737 732).
For under 25s: Kids Helpline 1800 55 1800.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »