ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ඉහළ දමා ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමීක්ෂණය සදහා සහභාගි වු ඔස්ට්‍රේලියානුවන් 1063 දෙනෙකු අතුරින් සියයට 15 ක් පසුගිය මාස 12 ක කාලය තුළ අලූතින් ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගෙන ඇති අතර ඔවුන් අතුරින් සියයට 07 ක් එක් මේ වන විටත් එක් භාණ්ඩයක් හෝ මිලදී ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කර ඇති බව සඳහන්.

තවත් සියයට 06 ක් තම දෛනික වියදම් පියවා ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිත කරන අතර තවත් සියයට 05 ක් පෙර ණය පියවා ගැනීම වෙනුවෙන්ක්‍රෙඩිට් කාඩ් පත් වෙත යොමුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 06 ක් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමට පෙළඹ ඇති අතර තවත් සියයට 03 ක් සෙසු ගමනාගමන සහ රක්ෂණ වියදම් පියවා ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් වෙත යොමුව ඇති බව සදහන්.

වැඩිහිටි වියෙහි පසුවන්නන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 05 කින් ද නව යොවුන් වියෙහි පසුයන්නන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 09කින් ද වැඩිහිටි තරුණ ප්‍රජාව අතර ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය සියයට 10 කින් ද වර්ධනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ ගෘහස්ත මූල්‍ය පීඩනය වැඩි වීම කෙරෙහි ක්‍රෙඩිට් කාඩ් පත් බලපා ඇති අතර කාඩ්පතකින් ගෙවිය හැකි ප්‍රමාණයට වඩා වියදම් දැරීම තවදුරටත් පුද්ගල ආර්ථිකය බරපතල තත්වයකට ඇද දමන බවයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »