ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කතගෙන් සකර්බර්ග් ට චෝදනාත්මක ලිපියක්

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන ගිනා රයින්හාර්ට් විසින් ෆේස්බුක් අයත් මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

විවිධ වංචා මගින් පුද්ගලිකත්වයට සිදුවන හානි වළක්වාලීමට ඔවුන් විසින් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව දක්වමිනුයි ඇය මෙම ලිපිය යොමු කර ඇත්තේ.

තමා ඇතුලු ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ නම් අවභාවිත කරමින් ෆේස්බුක් හරහා වංචාසහගත ක්‍රියා රැසක් සිදුවන නමුත් ඒවා වළක්වාලීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි ගිනා රයින්හාර්ට් අවධාරණය කරන්නේ.

පසුගිය සතියේදී තමා එවැනි සිදුවීම් 750 ක් පමණ ෆේස්බුක් ඔස්සේ නිරීක්ෂණය කලද මීට පෙර ට්විටර් ලෙසින් හැඳින්වූ වත්මන් එක්ස් සමාජ ජාලයේ නිරීක්ෂණය කරනු ලැබුවේ එවැනි එක් සිදුවීමක් පමණක් බවයි ඇය ලිපියේ අනාවරණය කර ඇත්තේ.

පසුගිය වසරේදී පමණක් මෙවැනි වංචා හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන 3.1 ක් වැනි දැවැන්ත මුදලක් අහිමි කරගෙන ඇති බවත් පතල් රැසක හිමිකාරීත්වය දරන ගිනා රයින්හාර්ට්, මාර්ක් සකර්බර්ග් වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »