Optus ප්‍රධාන විධායක නිළධාරිනි ඉල්ලා අස්වෙයි

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සන්නිවේදන සමාගම වන ඔප්ටස් හි ප්‍රධාන විධායක නිළධාරිනි කෙලී රෝස්මරින් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මිලියන 10 කට ආසන්න පිරිසකට පැය 14 කට ආසන්න කාලයක් බලපෑ සේවා බිඳවැටීමෙන් දින කිහිපයකට පසුවයි ඇය අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීම භාරදී ඇත්තේ.

කෙලී රෝස්මරින් පසුගිය සිකුරාදා දිනයේදී සෙනෙට් කමිටුවක් හමුවේ ද පෙනී සිටි අතර එහිදී පවසා තිබුණේ ඉල්ලා අස්වීමේ අපේක්ෂාවක් නොමැති බවයි.

පුද්ගලික හේතුවක් පදනම් කරගනිමින් ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන්නේ.

මේ අතර ස්ථිර අයෙකු පත්කරන තුරු ඔප්ටස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙස ප්‍රධාන මූල්‍ය නිළධාරී මයිකල් වෙන්ටර් පත්කර තිබෙනවා.

දින කිහිපයකට පෙර සිදුවු සේවා බිඳවැටීම හමුවේ පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට වන්දියක් ලෙස ගිගාබයිට් 200 ක ඩේටා පිරිනැමීමට ඔප්ටස් සමාගම ගත් තීරණයද පාර්ශව රැසකගේ දැඩි විවේච්චනයට ලක්වුණා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »