ඔස්ට්‍රේලියාව 06 වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී

06 වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවති අවසාන මහා තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම කඩුලු 06 කින් පරාජයට පත්කරමිනුයි.

මීට පෙර 1987, 1999, 2003, 2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන තිබුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 240 ක් රැස්කර ගත්තා.

කේ එල් රාහුල් ළකුණු 66 ක් ද / විරාත් කෝලි ලකුණු 54 ක් ද / නායක රෝහිත් ශර්මා ළකුණු 47 ක් ද රැස්කරගත්තා.

මිචෙල් ස්ටාක් කඩුලූ 03 ක් ද / පැට් කමින්ස් සහ ජොෂ් හෙස්ල්වුඩ් කඩුලූ 02 බැගින්ද බිඳහෙලුවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241 ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සපුරාගනු ලැබුවා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් ළකුණු 137 ක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ගියා.

ඉන්දියාව මේ දක්වා අවසාන මහා තරග 04 ක ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා දෙකක දී ශූරතාව දිනා ගත්තා.

ඒ, 1983 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ 2011 දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනුයි.

2003 සහ මෙවර යන අවස්ථා 02 දීම ඉන්දියාව අනුශූරතාවයට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වෙමිනුයි.

මෙවර ලෝක ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 04 ක් පිරිනැමුණු අතර, අනුශූර ඉන්දියාවට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 02 ක්.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »