NDIS යටතේ ඔටිසම් රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිපාදන කපා හරී

NDIS හෙවත් ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමය සඳහා ලබාදෙන ප්‍රතිපාදන කපා හැරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා අදාළ ප්‍රතිපාදන ලබාදීම වෙනුවෙන් සම්පූර්ණ කල යුතු අවශ්‍යතා ඉහළ නැංවීමට නියමිතයි.

අමෙරිකාව – බ්‍රිතාන්‍යය සහ කැනඩාව වැනි සෙසු සංවර්ධිත රටවල් හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ ඔටිසම් රෝගී දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ අගයකයි පසුවන්නේ.

ඊට ප්‍රධාන හේතුව ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමය සඳහා ලබාදෙන ප්‍රතිපාදන නිසි ලෙස භාවිත නොකිරීම බවටයි චෝදනා එල්ල වන්නේ.

NDIS සඳහා ලබාදෙන ප්‍රතිපාදන අතුරින් සියයට 45 ක් පමණ වෙන් කරනු ලබන්නේ ඔටිසම් රෝගීන් සඳහායි.

ඒ අනුව වසරකට එක් අයෙකු වෙනුවෙන් ඩොලර් 33,800 ක පමණ මුදලක් වෙන් කෙරෙන බවයි ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමයේ නිල දත්ත වාර්තාවල සඳහන් වන්නේ.

මෙම වසර සඳහා ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමය සඳහා ඩොලර් බලියන 42 ක මුදල් වෙන් කර ඇති අතර එය 2031 වසර වනවිට ඩොලර් බිලියන 90 ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »