
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගය වෙනුවෙන් තරග සංවිධායකයින් විසින් උත්කර්ශවත් සමාප්ති උත්සවයක් සංවිධාන කර තිබෙනවා.
වසර 12 කට පසු එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරත්වය දරණ ඉන්දියාව මෙවර සමාප්ති උලෙළ විචිත්‍රවත් කිරීම සඳහා විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
ඊට ඉන්දියන් ගුවන් හමුදාව විසින් අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ඉහළ අහසේ ඉදිරිපත් කිරීමට නියමිත සංදර්ශනයක් ද අයත්.

1975 වසරේ සිට මෙතෙක් පැවති එක්දින ලෝක කුසලානවල ශූරයන් වූ කණ්ඩායම්වල නායකයින් සියලුදෙනා අද පැවැත්වෙන අවසන් මහා තරගයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලැබ සිටීමද විශේෂත්වයක්.
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව දෙවරක් එක්දින ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව 05 වතාවක් තුසලානය දිනාගෙන තිබෙනවා.
