2023 මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියා මාරක රිය අනතුරු මරණ 100 ඉක්මවයි

2023 වසරේ මේ දක්වා කාලයේදී දකුණු ඔස්ට්‍රේලියානු මාර්ගවලදී සිදුවූ මාරක රිය අනතුරු හමුවේ සිදුවු මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ගතවු පැය 48 තුළදී තවත් මරණ 03 ක් වාර්තාවීමත් සමගයි.

මෙලෙස එක් අනතුරකින් මියගොස් තිබුණේ අවුරුදු 77 ක සහ 65 ක වයෝවෘද්ධ යුවළක් වන අතර තවත් අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලයේදී දකුණු ඔස්ට්‍රේලියානු මාර්ගවලදී සිදුවූ රිය අනතුරු මරණ සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සමස්ත පසුගිය වසර පුරා දකුණු ඔස්ට්‍රේලියානු මාර්ගවලදී සිදුවූ අනතුරුවලින් මියගොස් තිබුණේ පුද්ගලයන් 61 දෙනෙකු පමණයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »