අනවසර සංක්‍රමණිකයන් නිදහස් කිරීම ගැන ස්වදේශ ඇමතිනියගේ අප්‍රසාදය

මහාධිකරණ තීන්දුවට අනුව තවත් අනවසර සංක්‍රමණිකයන් 340 දෙනෙකු නුදුරේදීම නිදහස් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

මේ අතර දින කිහිපයකට ඉහතදී නිදහස් කල 93 දෙනාට එරෙහි චෝදනාවල ස්වභාවය මත කාණ්ඩ 04 කට වර්ගීකරණය කර තිබෙනවා.

27 දෙනෙකු දරුණු අපරාධ සඳහාත් – 21 දෙනෙකු සැළකිය යුතු අපරාධ සඳහාත් වගකිව යුත්තන් බව සඳහන්.

තවත් 35 දෙනෙකු සුලු සිදුවීම් සඳහා වගකිව යුතු අතර කිසිදු චෝදනාවක් එල්ලවී නොමැත්තේ 09 දෙනෙකුට පමණයි.

මෙම 93 දෙනා අතුරින් බහුතරය ඇෆ්ඝනිස්ථාන – ඉරාන සහ සූඩාන ජාතිකයන් බව සඳහන්.

මේ අතර අදාළ අනවසර සංක්‍රමණිකයන් නිදහස් කිරීම අනුමත නොකරන බව ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔනිල් පවසනවා.

අපරාධ සඳහා වගකිවයුතු පුද්ගලයන් මෙලෙස ජන සමාජයට මුදාහැරීම පිළිගත නොහැකි බවයි ඇය අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »