ක්වීන්ස්ලන්ඩ් First home මූල්‍යාධාරය $ 30,000 දක්වා ඉහළට

First home buyers

First home මූල්‍යාධාරය ඩොලර් 30,000 දක්වා ඉහළ දැමීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඩොලර් 750,000 කට වඩා අඩු වටිනාකමින් යුත් නව නිවසක් මිළදී ගැනීමට හෝ අලුතින් ඉදි කිරීමට පමණක් එය අදාළ වනු ඇති.

දැනට මෙම මූල්‍යාධාරය පවතින්නේ ඩොලර් 15,000 ක් ලෙසයි.

සමස්ත වැඩසටහන සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 210 ක්.

හෙට (20) සිට මෙම නව රෙගුලාසිය බලාත්මක වන අතර එය 2025 වසරේ මැද භාගය පමණ දක්වා ක්‍රියාත්මතවීමටයි නියමිතව ඇත්තේ.

උග්‍ර නිවාස අර්බුදය හමුවේ පීඩා විඳින ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් 12,000 කට පමණ මෙමගින් වරප්‍රසාදයක් අත්වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »