ටෙලිහෙල්ත් සේවා සඳහා නව රෙගුලාසි කිහිපයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ටෙලිහෙල්ත් සේවා සඳහා නව රෙගුලාසී කිහිපයක් හදුන්වා දීමට ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂිත හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතාවට ලබාදීම එහි අරමුණයි.

කාර්යබහුල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛද්‍යවරයා හමුවීමට ලැබීමත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ටෙලි හෙල්ත් සේවාව මගින් හැකියාව ලැබෙනවා.

රෝගයට අදාළ බෙහෙත් වට්ටෝරු මෙන්ම වෛද්‍ය සහතික ද කඩිනමින් රෝගීන් වෙත ලබා ගැනීමට හැකිවීමද එහි ඇති විශේෂත්වයක්.

අන්තර්ජාලය ඔස්සේ මෙවැනි සේවා රැසක් සිදුවන නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබද සොයා බැලීම වැදගත් බවයි රජයේ වෛද්‍ය මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ඇතැම් ඩිජිටල් සෞඛ්‍ය සේවා මගින් සිදුවන වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ ගැටලූ පිලිබදව ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

ජනතාවට දැරිය හැකි මිළ ගණන් යටතේ ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ නව නීති ද ඊට අන්තර්ගත කිරීමට නියමිතයි.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »