රෝගියෙකු පැය 3කට වැඩි කාලයක් ක්වින්ස්ලන්ඩ් හී රෝහල් පරිශ්‍රයක ගිලන් රථයක් තුළ රදවා සිටිය දී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 67 වියෙහි පසුවු පුද්ගලයකු වන අතර හෘදයාභාදයක් හටගැනීම හේතුවෙන් ගිලන් රථයක් කැදවා ඔහු රෝහල් ගත කිරීමටයි පවුලේ උදවිය කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් ක්වින්ස්ලන්ඩ් හී Ipswich රෝහල වෙත අදාළ ගිලන් රථය පැමිණිය ද රෝගියා රෝහල් ගත කිරීමට වැඩි කාලයක් රදවා ගැනීමට සිදුව ඇති අතර රෝගියා හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කිරීමට පෙර රෝගියා මිය ගොස් තිබුණා.
ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් සදහන් කළේ අදාළ මරණය සම්බන්ධයෙන් සායනික සමාලෝචනයක් සිදුකිරීමට නිටමිත බවයි.
අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වු වහාම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම කාර්යබහුල රෝහල් සදහා අවශ්‍ය අමතර සම්පත් මොනවා දැයි පරික්ෂා කර බලන ලෙස ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් බවයි ෂැනන් ෆෙන්ටිමන් සදහන් කළේ.
මේ අතර ක්වින්ස්ලන්ඩ් හි සෞඛ්‍ය අර්බුද විසදීම සදහා වඩාත් සුදුසු අත්හදා බැලීම් , නිවැරදි දත්ත නිකුත් කිරීම්, රෝගී සත්කාර වැඩි දියුණු කිරීම ඇතුලු වෛද්‍ය සහ හෙදි ගැටලු විසදීම කෙරෙහි බලධරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.