
විරෝධතා අතරතුරදී රථ පෙළපාලි යාම තහනම් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජුලියන් ලීසර් විසිනුයි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
මේ සඳහා කඩිනම් පියවරක් ගන්නැයි ඔහු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට හේතුව ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෑතකාලීන සෑම සති අන්තයකම සිඩ්නි නගරයේ පැවති පලස්තීන හා ඊශ්‍රායල හිතවාදී විරෝධතා පෙළපාලි හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවීමයි.
අද දිනයේදීත් බටහිර සිඩ්නි හිදී පලස්තීන හිතවාදී විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.
