ඕස්ට්‍රේලියානු ප්‍රාථමික පාසල් ළමුන් අතර මානසික ආතතිය හා තනිකම ඉහළට

ප්‍රාථමික පාසල් වයසේ පසුවන කුඩා ළමුන් මානසික ආතතිය මෙන්ම තනිකම අත්විදින බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික පර්යේෂණ කවුන්සිලය විසින් ප්‍රාථමික හා ද්විතීයික සිසුන් උපයෝගි කර ගනිමින් සිදු කළ අධ්‍යයනය දී හදුනාගෙන ඇත්තේ බොහෝ සිසුන් වසර අවුරුදු 5කට පෙර සිටම ආතතියෙන් සහ තනිකමින් සිට ඇති බවයි.

ඒ අනුව 2018ත් 2023 අතර උපත ලැබූ ළමුන් 50,000 ක් උපයෝගි කරගනිමින් සිදුකර අධ්‍යයෙනයේ දී තහවුරුව ඇත්තේ කුඩා ළමුන් වැඩි පිරිසක් දැඩි මානසික කම්පනයකින් පසුවන බවයි.

කුඩා අවදියේ පවතින මානසික ආතතිය තරුණ වියට පැමිණිමත් සමග ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දැඩි ලෙස බලපෑම් ඇති කරන බවයි මානසික විශේෂඥයින් හදුනාගෙන ඇත්තේ.

විශේෂයෙන් අභියෝග වලට මුහුණ දිය හැකි ආත්ම විශ්වාසයෙන් යුතු තරුණ ප්‍රජාවක් බිහිකිරීමට නම් ළමුන් කුඩා කල සිට ළමුන් නිසි රැකවරණය යටතේ ගොඩනැගිය යුතු බව විචාරකයින් අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසදීම සදහා රට තුළ ජාතික ක්‍රියාකාරි සැලැස්මක් අත්‍යාවශ්‍ය බවද එහිදි යෝජනා ඉදිරිපත්ව ඇති බව සදහන්.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »