
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙනවා.
අහමදාබාද් හිදී ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02 ට හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 07.30 ටයි එය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
මේ දක්වා පවත්වා ඇති තරගාවලි අතුරින් ඔස්ට්‍රේලියාව අවස්ථා 05 කදී ශූරයන් ලෙසත් අවස්ථා 02 කදී අනුශූරයන් ලෙසත් පත්වුණා.

ඉන්දියාව අවස්ථා 02 කදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ඇති අතර එක් අවස්ථාවකදී අනු ශූරයන් බවට පත්වුණා.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ප්‍රතිවාදීන් ලෙස ලෝක කුසලාන අවසාන මහා තරගයකදී හමුවී ඇත්තේ 2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලානයේදී පමණයි.

එහිදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයගනු ලැබුවා.