Search

බටහිර ඔස්ට්‍රේලියා රෝහල්වල අද සිට නැවතත් Face masks

බටහිර ඔස්ට්‍රේලියාවේ අධි අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පොදු රෝහල්වල මුහුණු ආවරණ පැළඳීම අද සිට නැවතත් අනිවාර්ය වනවා.

රෝගීන් – කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් යන සියලු පාර්ශව එම රෙගුලාසිය අනුගමනය කල යුතුයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක නැවතත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබීමයි මීට හේතුව වන්නේ.

දීර්ඝ කාලයක් පුරා පැවති කොවිඩ් සංචරණ සීමා අවසන් කිරීමෙන් පසු බටහිර ඔස්ටේ්‍රලියාව තුළ නැවත වරක් කොවිඩ් රෙගුලාසි බලාත්මක කරන පළමු අවස්ථාව මෙයයි.

දකුණු ඔස්ට්‍රේලියා – නිවු සවුත් වෙල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලද මේ වනවිට නැවතත් කොවිඩ් රෙගුලාසි බලාත්මක කරමින් සිටිනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »