ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික හිංසන පිටුදැකීම වෙනුවෙන් නව ප්‍රඥප්තියක්

විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික හිංසනයන් පිටුදැකීම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට අත්සන් කිරීමට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එකග වී තිබෙනවා.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන් චෝදනා ගනන්නේ මීට පෙර 2017 වසරේදී ලබා දුන් පොරොන්දුම නව ප්‍රඥාප්තියට නැවතත් ඇතුළත් කර ඇති බවයි.

නව ප්‍රඥප්තිය යටතේ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුල සිදුවන ලිංගික හිරිහැර ඇතුලූ හිංසන ක්‍රියා විසඳීම සඳහා පාලනාධිකාරිය වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනු ඇති.

ලිංගික හිංසනයන්ට ගොදුරු වුවන් සදහා පැමිණිලි කිරීමට අදාළ ඔම්බුඩ්ස්මන් තනතුරක් ඇති කිරීම සහ ඒ පිළිබද නිරීක්ෂණය සදහා ස්වාධීන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

නව ප්‍රඥාප්තිය යටතේ විශ්ව විද්‍යාල පාලනාධිකාරය කරුණු 09 කට එකගවී ඇති අතර ලිංගික හිංසනයන් හි සංඛ්‍යාත්මක තොරතුරු හෙළි කිරීම, ලිංගික හිංසන කිසිසේත් පිළිගත නොහැකි බව ප්‍රකාශ කිරීම ඇතුලූ විශය මාලා මගින් මේ පිළිබඳ සිසුන් දැනුවත් කිරීම මේ යටතට ඇතුලත්.

ලිංගික හිංසනයන්ට ගොදුරු වු සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන අතර සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියම නව ප්‍රඥප්තිය හා ගිවිසුම් ගතවිය යුතු බව අධ්‍යාපන බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »