
යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා අරමුදල් වෙන් කිරීමත් සමග Airport Rail link ව්‍යාපාතිය සදහා තවදුරටත් පහසුකම් සපයන්නැයි වික්ටෝරියානු ප්‍රාන්ත රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
2018 මැතිවරණ ජයග්‍රහනයත් සමග අදාල ව්‍යාපෘති කඩිනමින් ඉටුකරන බවට බලධාරීන් පොරොන්දු වුව ද වසර 5ක් ගතවුව ද තවමත් කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව සදහන්.
ෆෙඩරල් රජය විසින් ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 5 ක් වෙන් කර ඇති අතර ඉතිරි මුදල් ප්‍රාන්ත රජයේ අරමුදල් වලින් සපයා ගැනීමට සිදු වනු ඇති.

Airport Rail link ව්‍යාපෘතිය සදහා ඩොලර් 10ක පිරිවැයක් දැරීමට සිදුවන අතර ඉතිරි මුදල් සොයා ගැනීමේ ගැටලුවක වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුවන බවයි වාර්තා වන්නේ.
රට පුරා සිදු කල යටිතල පහසුකම් පිළිබද සමාලෝචනයකින් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයට අදාළ ව්‍යාපෘතින් රැසක් අධික පිරිවැය හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය පිළිබද වසර 3ක සිට සාකච්ඡා පැවතියද ඒ සම්බන්ධයෙන් ප්‍රාන්ත බලධාරීන් එකගතාවයකට පැමිණ නැති බවයි.
කෙසේ වෙතත් මෙල්බන් නගරයේ ආරම්භ කිරීමට නියමිත Airport Rail link ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් පිළිබද ව්‍යාපෘතීන්ට ඇතුලත් වන අතර අරමුදල් සොයා ගැනීම අනිවාර්යය බවයි වික්ටෝරියානු බලධාරීන් අවධාරණය කර ඇත්තේ.