නිදහස ලැබූ අනවසර සංක්‍රමණිකයන්ට පාසල් අසලට පැමිණීම තහනම් කරයි

රැඳවුම් භාරයේ සිට නිදහස ලැබු අනවසර සංක්‍රමණිකයන් සඳහා ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් සම්මත කල නව නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම රැඳවියන් නිරීක්ෂණ පළඳනා පැළඳ සීටිම සහ ඇඳිරි නීති කොන්දේසි වලට ඇතුලත් වීම අනිවාර්ය වනවා.

මෙලෙස වාරණයට ලක්වු පුද්ගලයින්ට ළමුන් හා සම්බන්ධ සාමුහික ක්‍රියාකරකම්වලට සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටි පරිශ්‍රයන්හි සිට මීටර 150 ක සීමාව තුල රැඳී සිටීම ද තහනම් වන ඇති.

දින නියමකින් තොරව සංක්‍රමණිකයින් රඳවා ගැනීම නීති විරෝධී බව පවසමින් පසුගිය දා මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයත් සමග නිදහස් වු රැඳවියන් 80 කට වැඩි පිරිසකට මෙම නීති බලාත්මක වනු ඇති.

ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් සදහා වන වීසා කොන්දේසී තවදුරටත් දැඩි කිරීමටයි ෆෙඩරල් පාර්ලිමේන්තුව පියවර ගෙන ඇත්තේ.

සංක්‍රමණ කටයුතු අමාත්‍ය ඇන්ඩෘ ගයිල්ස් අවධාරණය කළේ රැඳවුම් නියෝග ලිහිල් වුව ද මහජන ආරක්ෂාවට ඉන් කිසිදු තර්ජනයක් සිදුවීමට අවස්ථාව ලබා නොදෙන බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »