වසර 02 ක් අක්‍රීය Gmail ගිණුම් මකා දැමීම දෙසැම්බර් 01 දා සිට

වසර දෙකක කාලයක් භාවිතයට නොගත් අක්‍රීය Gmail ගිණුම් දහස් ගණනක් ලබන දෙසැම්බර් පළමුවන දා සිට මකා දැමීමට Google සමාගම පියවර ගෙන තිබෙනවා.

මුරපද අමතක වීම හා යළි මුරපද සැකසීමේ මතුවු දෝෂ හේතුවෙන් බොහෝ ගිණුම් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Google සමාගම පෙන්වා දෙන්නේ අමතක වූ හෝ භාවිතයෙන් ඉවත් කල ගිණුම් යළි තහවුරු කිරීම දස ගුණයකින් පහල ගොස් ඇති බවයි.

අක්‍රිය Gmail ගිණුම් මගින් අනන්‍යතා අවභාවිතයන් මෙන්ම වංචනික ක්‍රියා වැඩි වශයෙන් සිදුවීම හේතුවෙන් සයිබර් ආරක්ෂණ වෙනුවෙන් එම ගිණුම් මකා දැමීම සිදු කරන බවයි Google සමාගම නිවේදනය කළේ.

අදාළ මකා දැමීම් සිදුවන්නේ පෞද්ගලික ගිණුම් සදහා පමණක් වන අතර ව්‍යාපාර සහ පාසැල් සදහා ආරම්භ කර ඇති ගිණුම් අවලංගු කිරීමක් සිදුවන්නේ නැහැ.

අදාළ ගිණුම් මකා දැමීමට පෙර අදාළ ගිණුම් හිමියන්ට ඒ පිළිබද දැනුම් දෙනු ඇති.

අදාළ ගිණුම් මකා දැමීමත් සමග ඊට සම්බන්ධ Google Drive, Google Docs සහ Google Photos යන සෑම අන්තරගතයක්ම අවලංගු වන බව වැඩිදුරටත් දන්වා සිටිනවා.

කෙසේ වෙතත් තම ගිණුම සක්‍රියව පවත්වා ගැනීමට නම් Email යැවීම, Google Drive භාවිතා කිරීම,අදාළ ගිණුමට සම්බන්ධ Youtube නාලිකාවෙන් විඩියෝ නැරඹීම, Google play store මගින් යම් යෙදවුමක් බාගත කිරීම සහ Google සෙවීම් භාවිත කිරීම වැනි ක්‍රම භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »