
සිසුන් 06 දෙනෙකුට මරු කැඳවමින් ටස්මේනියා පාසලක මීට වසර 02 කට ඉහතදී සිදුවූ ජම්පින් කාසල් අනතුරේ වගඋත්තරකාර සමාගමට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.
නිසි සෞඛ්‍යය හා ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකර සිසුන්ගේ ජීවිත අනතුරේ දැමීම සහ බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා යටතේයි මෙලෙස චෝදනා ගොණු කර ඇත්තේ.
2021 වසරේ දෙසැම්බර් 16 වනදා සිදුවූ මෙම ඛේදවාචකයේදී සිසුන් 06 දෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

මෙම සිද්ධියට අදාළව ඇතැම් සංවේදී කරුණු නිරාවරණයට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීම හේතුවෙනුයි මෙම සිද්ධියේ චෝදනා ගොණු කිරීම මෙතෙක් ප්‍රමාද වූයේ.
වැඩිදුර නඩු විභාගය සිදුකෙරෙන දිනය මෙතෙක් අනාවරණය වී නැහැ.
