ඔස්ට්‍රේලියානුවන් ගිය වසරට වඩා මෙවර ජයටම නත්තල සැමරීමට සැරසෙයි

උද්ධමනය – පොළී අනුපාතික සහ ජීවන වියදම ඉහළ ගිය ද මෙම වසරේ නත්තල් ත්‍යාග සඳහා පසුගිය වසරට වඩා වැඩි මුදලක් වැය කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලය හෙළිකර ඇති දත්ත මගින් පෙනී ගොස් ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර සාප්පු සවාරිවලදී ඇඳුම් – පාවහන් සහ විවිධ ආයිත්තම් සඳහා වැය කරන මුදල සියයට 16 කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානුවන් සුදානම් බවයි.

මේ අතර උත්සව සමය තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා වන වියදම සියයට 40 කින් ද ගෘහ භාණ්ඩ මිලදී ගැනීම් සදහා වැයවන මිල ද සියයට 16 කින් ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

සාප්පු සවාරි යන්නන් 1,014 ක් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර එහි දි ඔවුන් සදහන් කර ඇත්තේ මෙවර නත්තල සදහා තම පවුලේ ළගම සාමාජිකයින් වෙනුවෙන් ඩොලර් 427ක් ද, සෙසු ඥාතීන් සඳහා ඩොලර් 246 ක් ද, මිතුරන් සඳහා ඩොලර් 149 ක් ද තමන් වෙනුවෙන් ඩොලර් 266 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කොවිඩ් වසංගත කාලය තුළ පැවති විවිධ සීමා හේතුවෙන් උත්සව සමයේ වියදම් කප්පාදු කිරීමට සිදුවු මෙවර තත්තල සැමරීම සදහා ජනතාව වැඩි උද්යෝගයකින් පසුවන බවයි හදුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් විචාරකයින් පෙන්වා දෙන්නේ උත්සව සමය තුල පුද්ගලයින් තම මුදල් පරිභෝජනයේ දී සැලසුම් සහගත ලෙස කලමණාකරණය කිරීම වැදගත් බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »