වසරේ මේ දක්වා ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුළ කාන්තා හිංසන වළක්වාලීමේ ලිපි 50,000 ක්

වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළදී කාන්තා හිංසන හේතුවෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුළ කාන්තා හිංසන වළක්වාලීම සම්බන්ධ ලිපි 50,000 කට අධික ප්‍රමාණයක් මෙම වසරේ පලකර තිබුණ ද ප්‍රචණ්ඩ ක්‍රියාවල කිසිදු අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි වාර්තා වන්නේ.

වයිට් රිබන් පදනමේ ප්‍රධාන විධායක මෙලිසා පෙරී සදහන් කළේ මාධ්‍ය හරහා පළවන ලිපි ඔස්ටේ්‍රලියානු පුරුෂයන්ට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් නොවිය යුතු බවයි.

ඔස්ට්‍රේලියානු පුරුෂයන්ගෙන් සියයට 86 ක් පමණ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පාලනය සදහා පිරිමින්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය බව වටහාගෙන ඇති බව ද සඳහන්.

එහෙත් ඉන් සියයට 63 ක් ම ඒ සදහා දායක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබද අවබෝධයක් නොමැති බවයි වයිට් රිබන් පදනම විසින් සිදුකල සමීක්ෂණයක දී තහවුරු වී ඇත්තේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා පිරිමින්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට අදාළ සංවාද පැවැත්විය යුතු බව ද එහිදී යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

කෙසේ වෙතත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා සිදුවීම් දැනුම් දිම සදහා පැය 24 පුරා 1800 අංකය ඔස්සේ ජාතික ගෘහස්ථ හිංසන සේවය හා සම්බන්ධවීමට හැකියාව ද පවතිනවා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »