නිවස ඉදිරිපිටදී නාසි සංඥාවක් ප්‍රදර්ශනය කල මෙල්බන්වාසියෙකුට චෝදනා

සිය නිවස ඉදිරිපිටදී නාසි සංඥාවක් ප්‍රදර්ශනය කල මෙල්බන් වාසියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

55 හැවිරිදි සැකකරු පසුගිය 12 වනදා අලුයම 03.50 ට පමණ මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

අධික ශබ්දයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමසා බැලීම සඳහා පොලිස් නිළධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදීයි ඔහු මෙම නාසි සංඥාව ප්‍රදර්ශනය කර ඇත්තේ.

සැකකරු ඇප මත මුදා හැර ඇති නමුත් ලබන වසරේ ජනවාරි 08 වනදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වනවා.

ඔක්තෝබර් මාසයේදී සම්මත කරගනු ලැබූ නාසි සංකේත තහනම් කෙරෙන නීතිවලට අදාළව වික්ටෝරියා හිදී චෝදනා ගොණුකරනු ලැබූ දෙවන තැනැත්තා මොහුයි.

නව නීති යටතේ ඩොලර් 23,000 ක දඩයක් සහ මාස 12 ක සිර දඩුවමක් නියම කල හැකි වනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »