Search

සේවා බිඳවැටීම ගැන ප්‍රශ්න කිරීමට ඔප්ටස් ප්‍රධානීන් සෙනෙට් කමිටුවක් හමුවට

පසුගිය සතියේදී සිදුවූ ඔප්ටස් සේවා බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සමාගමේ ප්‍රධානීන් අද දිනයේදී පාර්ලිමේන්තු සෙනෙට් විමර්ශන කමිටුවක් හමුවට කැඳවා තිබෙනවා.

එදින අලුයම 04.05 ට සිදුවූ සේවා බිඳවැටීම පිළිබඳ දැනගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔප්ටස් ප්‍රධාන විධායක නිළධාරීනී කෙලී රෝස්මරින් ගෙන් එහිදී විමසා තිබුණා.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ සෙසු ඔප්ටස් පාරිභෝගිකයන් හා සමානව එදින අවදිවීමෙන් අනතුරුව එය දැනගත් බවයි.

තමා විසින් ඇමතුම් 228 ක් ගැනීමට උත්සාහ කලද ඒවා සියල්ල ව්‍යර්ථ වූ බවත් කෙලී රෝස්මරින් අනාවරණය කර තිබෙනවා.

මේ අතර 0-0-0 හෙවත් ට්‍රිපල් සීරෝ ඇමතීමට නොහැකිවූයේ ඇයිද යන්න වටහා ගැනීමට නොහැකි බවයි ප්‍රධාන විධායක නිළධාරිනිය වැඩිදුරටත් පවසා තිබුණේ.

පසුගිය සතියේ බදාදා පැය 14 කට ආසන්න කාලයක් පැවති ඔප්ටස් සේවා බිඳවැටීම හේතුවෙන් මිලියන 10 ක් පමණ වන පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතා එල්ල වී තිබුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »