ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳසැල් දීමනා සඳහා ලියාපදිංචි වීම ඉහළට

මිලියන ගණනක් වන ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳසැල් විසින් ලබාදෙන විවිධ ප්‍රසාද දීමනා (rewards points) සඳහා ලියාපදිංචි වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ෆයින්ඩර් ආයතනය විසින් එළි දක්වා ඇති වාර්තාවකට අනුව සියට 83 කට ආසන්න පාරිභෝගිකයන් පිරිසක් කුමන හෝ ප්‍රසාද දීමනා වැඩසටහනක සාමාජිකත්වය දරන බවයි.

වෙළඳසැල් බිල්පත්වලින් කුමන හෝ මුදලක් අඩු කර ගැනීමට එම දීමනා භාවිත කරන බව පවසා ඇති පිරිස සියයට 58 ක්.

ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට සියයට 13 ක පිරිසක් එවැනි දීමනා භාවිත කරන අතර කිසිදු කරුණකට ඒවා භාවිතයට නොගන්නා පිරිස සියයට 06 ක් පමණ වනවා.

කෙසේවෙතත් මෙලෙස මාසයකට හිමිවන වට්ටමක සාමාන්‍යය ඩොලර් 10 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »