Search

ඔස්ට්‍රේලියාව අවසන් සටනට සුදුසුකම් ලබයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලූ 03 ක ජයක් වාර්තා කරමිනුයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49 යි පන්දු 4 කදී සියලූදෙනා දැවී ලකුණු 212 ක් රැස්කරගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 101 ක් රැස්කලා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

ජයග්‍රාහී ලකුණු 213 ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47 යි පන්දු 02 ක් අවසානයේ කඩුලූ 07 ක් දැවී ලකුණු 215 ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කලා.

මේ අනුව ලබන ඉරිදා පැවැත්වෙන එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරග වදිනු ඇති.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »