Search

NSW ප්‍රාන්ත රක්ෂණ වාරික අගය පහළ යනු ඇති බවට අනාවැකි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ගෙන් අය කෙරෙන හදිසි සේවා බද්ද අත්හිටුවීමට තීරණය වී තිබෙනවා.

දැනට ප්‍රාන්ත වාසීන් විසිනු ගෙවනු ලබන රක්ෂණ වාරිකවලිනුයි මෙම බද්ද අය කරනු ලබන්නේ.

නිවු සවුත් වේල්ස් හදිසි සේවා අංශවල වාර්ෂික පිරිවැයෙන් සියයට 73.7 ක් මෙම බද්දෙන් ආවරණය වන අතර සියයට 11.7 ක් කාගරික කවුන්සිල විසින්ද සියයට 14.6 ක් ප්‍රාන්ත රජය විසින්ද දරනු ලබනවා.

මෙම බද්ද හමුවේ රක්ෂණ වාරික අගයන් සියයට 18 කින් පමණ ඉහළ ගොස් ඇත්තේ රක්ෂණ සමාගම් විසින් එම පිරිවැය සාමාන්‍ය ජනතාව මත පැටවීම හේතුවෙනුයි.

කෙසේවෙතත් හදිසි ආපදා සඳහා බද්දක් අය කරන එකම ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් පමණක් වන බැවින් එම බද්ද අය කිරීම නතර කිරීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

එහි ප්‍රථිඵලයක් ලෙස රක්ෂණ වාරික අගයද පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »