ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවට බදු ප්‍රතිසංස්කරණ ගැන විශ්වාසයක් නැතැයි හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව දැනට පවතින බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසය පල නොකරන බව නවතව වාර්තාවකින් හෙලිව තිබෙනවා.

වසය අවුරුදු 15 ත් 30 ත් අතර වියෙහි පසුවන්නන් දහසක් යොදාගනිමින් අදාළ තරුණ උපදේශක කණ්ඩායමක් විසින් එම සමීක්ෂණ වාර්තාව නිකුත් කර තිබුණා.

ප්‍රතිචාර දැක්වුවන් අතුරින් 3/4 ක් පවසා ඇත්තේ ඉදිරියට ක්‍රියාත්මකවීමට නියමිත තුන්වන අදියරෙහි බදු සහන ඉවත් කල යුතු බවයි.

පසුගිය ලිබරල් සන්ධාන රජය විසින් හඳුන්වාදුන් බදු ප්‍රතිසංස්කරණ යටතේ ඩොලර් 45,000 ත් ඩොලර් ලක්ෂ 02 ත් අතර වාර්ෂික ආදායම් උපයන ඔස්ටේ්‍රලියානුවන් සදහා බදු අනුපාතය සියයට 30 දක්වා අඩු කිරීමට නියමිතයි.

2024 වසරේ ජුලි මස සිට බලාත්මක වීමට නියමිත එම බදු සංශෝධන යටතේ ඉහළ ආදායම් උපයන්නන් සදහා වැඩි වාසි අත්වන අතර මධ්‍යම සහ අඩු ආදායම්ලාභී පුද්ගලයින් පිළිබද අවධානය යොමු කර නොමැති බවටයි තරුණ ප්‍රජාව චෝදනා නගන්නේ.

ඒ අනුව සමීක්ෂණය සඳහා සහභාගීවුවන් අතුරින් සියයට 90 ක් පමණ සඳහන් කර ඇත්තේ වත්මන් ෆෙඩරල් රජය අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බදු සහන ලබා දීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා නොමැති බවයි.

විශේෂයෙන් දැනට පවතින බදු ප්‍රතිපත්ති හමුවේ තරුණ ප්‍රජාවගේ උසස් අධ්‍යාපන කටයුතු, නව නිවසක් මිලදී ගැනීම් මෙන්ම නව ව්‍යාපාර ඇති කිරීමට වු අරමුණු අඩාල වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »