Search

වංචණික වෙබ් අඩවි තුළින් ව්‍යාජ ඔස්ට්‍රේලියා සහතික මිළදී ගැනීම් ඉහළට

වංචණික වෙබ් අඩවි තුළින් ව්‍යාජ ඔස්ට්‍රේලියා රියදුරු බලපත්‍ර සහ අනන්‍යතා සහතික පත් නිකුත් කිරීම් හා මිලදී ගැනීම් බහුලව සිදුවන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියා ලොව වැඩි වශයෙන් සිදුවන ඇමරිකා එක්සත් ජනපදයට පසු දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස පුලූල්ව පැතිර යන ව්‍යාජ අනන්‍යතා සහතින නිකුත් කරන වංචනික වෙබ් අඩවි වැටලීම් සදහා සිඩ්නි තොරතුරු තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් නව වෝහාරික පැතිකඩ පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

අනන්‍යතා අපරාධල මුදල් විශුද්ධිකරණය – මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් – නීතිවිරෝධී සංක්‍රමණ – වංචා සහ ඔත්තු බැලීම වැනි බොහෝ නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් ව්‍යාජ අනන්‍යතා සහතික පත් මගින් සිදුවන බවයි සොයා ගෙන ඇත්තේ.

නව වෝහාරික පැතිකඩ පද්ධතිය මගින් මේ වන විට ව්‍යාජ අනන්‍යතා ලේඛණ වර්ග 48 ක් හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ හැඳුනුම්පත් ලේඛන පැතිරීම වැළැක්වීම සඳහා සකස් කර ඇති නව පද්ධතිය නිව් සවුත් වේල්ස් පොලීසිය නිසි ලෙස භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු පළවනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »