ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් JobSeeker දීමනාව පිළිබඳ අදහස් දක්වයි!

ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් JobSeeker දීමනාව පිළිබඳ අදහස් දක්වයි!

විරැකියා සංඛ්‍යාලේඛන වැඩිදියුණු වන විට විරැකියා ප්‍රතිලාභ​​ 2021 මාර්තු මාසයෙන් ඔබ්බට දීර්ඝ කරනු ඇති බවට සහතික කිරීමට නොහැකි බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසයි.

රැකියා විරහිත අනුපාතය සියයට 6.8 දක්වා පහත වැටී ඇති අතර එය ලබන වසරේදී සියයට 7.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නොවැම්බරයේ දී රැකියා 9 ,000 කට වැඩි ප්‍රමාණයක් ආර්ථිකයට එකතු වූ අතර ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය ද ඉහළ ගියේය.

ෆෙඩරල් රජය මේ වසර අවසානයේදී JobSeeker කොරෝනා වයිරස් අතිරේකය දෙසතියකට ඩොලර් 150 දක්වා අඩු කරන අතර ඉහළම ගෙවීම් මාර්තු දක්වා දීර්ඝ කර ඇත​.

එහෙත් ශ්‍රම වෙළඳපොළ වැඩිදියුණු වීමේ පැහැදිලි සලකුණු පෙන්නුම් කිරීමත් සමඟ භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් එම කාල සීමාවෙන් ඔබ්බට ගන්නා තීරණය පිළිබඳව අදහස් දැක්වීමට අපොහොසත් බව පැවසීය​.

ඔහු බ්‍රහස්පතින්දා කැන්බරා හි මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ ශ්‍රම වෙළඳපොළ තත්ත්වය පිළිබඳව දිගටම අධීක්ෂණය කරන බවයි.

(7News)

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »