ඔස්ට්‍රේලියානුවන් කෙටි ආහාර සහ මිළ අධික ආහාර පරිභෝජනය අඩු කරයි

ජීවන වියදම ඉහළයෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් කෙටි ආහාර සහ මිළ අධික ආහාර පරිභෝජනය පහළ දමා ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ආහාර සදහා වැය වන වියදම පාලනය කර ගැනීම සඳහා ජනතාව නිවසේදී ආහාර සකස් කරගැනීම වෙත වැඩි අවධානයක් යොමුකර ඇති බවයි අනාවරණය වනනේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ සතියක වියදම පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට ඩොලර් 200 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි මෙම සමීක්ෂණයේදී හෙළිකරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් 5,000 ක් සහභාගී කරගනිමින් අදාල අධ්‍යයනය සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් තුන් දෙනෙක් චොකලට්, අතුරුපස වර්ග, විවිධ චිප්ස් සහ විවිධ කජු වර්ග මීළ දී ගැනීම් අඩු කර ඇති බවයි.

ජීවන වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාමට පෙර අවශ්‍යතාවට වඩා සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණයට ඔස්ට්‍රේලියානුවන් පුරුදු වී සිටි නමුත් මේ වනවිට ඇතැම් පාරිභෝගිකයින් සාප්පු සංකීර්ණ පිහිටි කළාප වෙත ප්‍රවේශවීම පවා සීමා කර ඇති බව සඳහන්.

මේ අතර සේවා ආයතන විසින් කාර්ය මණ්ඩලය සඳහා කෙටි ආහාර වේලක් ලබා දිය යුතු බවට බහුතර ජනතාව විශ්වාසය පල කරන බව සමීක්ෂණයට සහභාගීවුවන් පවසා තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »