නත්තල් වනවිට ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් ආසාධිතයන් කැපී පෙනෙන ලෙස ඉහළට ?

නත්තල් දිනය වනවිට ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවනවා.

ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ට්‍රේලියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක් වසින් දැනටමත් නිල නොවන මට්ටමින් 08 වන කොවිඩ් රැල්ල පැමිණ ඇති බවටයි දන්වා ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන්ද අද නිවේදනය කලේ ගතවූ සති කිහිපය තුළදි කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි.

එබැවින් හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නැයිද ජනතාව ඒකරාශී වන අවස්ථා හැකිතාක් මගහරින්නැයිද දැනුම්දීමක් සිදුකෙරෙනවා.

මේ අතර බූස්ටර් මාත්‍රාවක් මේ දක්වා ලබාගෙන නොමැති සියල්ලන්ට හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන ලෙසටයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් දන්වා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »