Search

පොදුරාජ්‍ය ක්‍රීඩා ප්‍රධාන ලේඛන සියල්ල භාරදෙන ලෙස වික්ටෝරියානු රජයට නියෝග

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අදාළ ප්‍රධාන ලේඛන සියල්ල භාරදෙන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජයට නියෝග කර තිබෙනවා.

අදාළ ක්‍රීඩා උළෙලේ හි සත්කාරකත්වයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉවත්වීමට ගත් තීරණයෙහි සැබෑ තත්වය අනාවරණය කර ගැනීමේ අරමුණ ඇතිව එම නියෝගය ලබා දෙන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

ඒ නොවැම්බර් 30 වනදා වන විට එම සියලු ලේඛණ ක්‍රීඩා කමිටුව වෙත භාරදිය යුතු බවටයි ව්‍යවස්ථාදායක සභාව නියෝග කර ඇත්තේ.

සාක්ෂි සම්බන්ධයෙන් විධායක වරප්‍රසාද ඉල්ලා වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පසුගිය ඔක්තෝබර් 07 වන දා ක්‍රිඩා කමිටුව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස වික්ටෝරියානු සියලූම අමාත්‍යවරුන් වෙත මේ වන විට සිතාසි නිකුත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට අදාළ වනදි මුදල වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙතෙක් ගෙවා අවසන් කර නැහැ.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »