අසාර්ථක ඉදිකිරීම් ව්‍යාපෘති 50 කට මුදල් කප්පාදුවක්

ඩොලර් බිලියන ගණනක පාඩු සිදුව ඇති බවට ස්වාධීන සමාලෝචනයක දී හෙළිවූ ඉදිකිරීම් ව්‍යාපෘති 50 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය කැතරින් කිං ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව එම ව්‍යාපෘති නිසි සැලසුමකින් තොර වන අතර අධික පාඩු සහිත බවයි හදුනාගෙන ඇත්තේ.

මින් බහුතරයක් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඒවා වනවා.

එමෙන්ම ඉදිරියේ සිදු කිරීමට නියමිත තවත් යටිතල පහසුකම් ව්‍යාපෘති 400ක ශක්‍යතා අධ්‍යයන නැවත පරීක්ෂා කල යුතු බව එම සමාලෝචනය මගින් පෙන්වා දී තිබෙනවා.

පසුගිය රජය සමය තුළ නිසි ඇගයීමකින් තොරව ප්‍රමාණවත් අරමුදල් නොමැති ව්‍යාපෘති සදහා හිතාමතා මුදල් වැය කර ඇති බවටයි අමාත්‍ය කැතරින් කිං චෝදනා නගා ඇත්තේ.

මේ තත්වය රට තවදුරටත් ආර්ථික විනාශයක් කරා ගෙන ගොස් ඇති අතර නව සමාලෝචන වාර්තා වත්මන් රජය පිළිගන්නා බවද කැතරින් කිං සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි වසර 10 පුරා අදාළ සියලූ යටිතල පහසුකම් ව්‍යාපෘති කිසිදු කප්පාදුවකින් තොරව සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළ ද ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ සමාලෝචන දත්තයන්ගේ අඩුපාඩු පවතින බවයි.

මේ අතර ඉදිරියේ සිදුකිරීමට නියමිත මහා මාර්ග ව්‍යාපෘති සඳහා වැයවන වියදම්වලදී ෆෙඩරල් රජයේ දායකත්වය සියයට 80 සිට සියයට 50 දක්වා අඩු කිරීමට ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය කැතරින් කිං පසුගියදා තීරණය කර තිබුණා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »