Search

සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරි නමින් වෙන් කරයි

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංණයේ ආසන සහිත ප්‍රදේශයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

චමරි බේ (Chamari Bay) ලෙසයි එය නම් කර ඇත්තේ.

ලබන 26 වනදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය සඳහා මෙම නම් කිරීම සිදුවන බවයි සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දන්වා සිටින්නේ.

මෙවර WBBL තරග සමයේදී චමරි අතපත්තු විසින් දක්වන ලද දක්ෂතා මෙන්ම බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දක්වන කැපවීම මෙම නම් කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චමරි අතපත්තු සඳහන් කරන්නේ තමාට ලැබුණු මෙම වරප්‍රසාදය පිළිබඳ අතිශය සතුටු වන බවයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »