Search

ක්වින්ස්ලන්ඩ් ලැව් ගිනි අවධානම පිළිබද යළි අනතුරු ඇගවීමක්

උෂ්ණත්වයත් අධික ලෙස ඉහළ යෑමත් සමග ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලැව් ගිනි අවධානම පිළිබද යළි අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

විශේෂයෙන් අද දින ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ අංශ අනාවරණය කර ඇත්තේ.

ලැව්ගිනි අවධානම හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට වහාම එම ප්‍රදේශයවලින් ඉවත්වන ලෙසට ආරක්ෂක අංශ පසුගිය දා දැනුම් දී තිබුණා.

මේ අතර මධ්‍යම ක්වීන්ස්ලන්ඩ් ඇතුලු ප්‍රදේශ කිහිපයක වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වු අතර ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතිය පුරා ක්විස්ලන්ඩ් ප්‍රාන්තය පුරා හට ගත් සුළි සුළං හා ලැව් ගිනි මෙන්ම අකුණු මගින් සිදුවු අනතුරු පාලනය සදහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා.

කෙසේ වෙතත් නොවැම්බර් මස මුල් භාගයේ ඔස්ටේ්‍රලියාවේ සෑම ප්‍රාන්තයකටම සැලකියයුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර ගෙවී ගිය සතිය තුල අකුණු සැර මිලියන 08 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වි ඇති බව සදහන්.

අද සහ හෙට දෙදින තුළ ටස්මේනියාව, වික්ටෝරියාව, නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »