රැඳවුම් භාරයෙන් නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් ගැන නව රෙගුලාසි

මහාධිකරණ නියෝගය අනුව යමින් රැඳවුම් භාරයෙන් නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව රෙගුලාසි පැණවීමට ලේබර් පක්ෂ රජය සුදානම් වනවා.

ඊට අදාළ නව නීති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඒවා සම්මත කරගැනීමට විපක්ෂ ලිබරල් සන්ධානයේ සහය අපේක්ෂා කරන බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් විසින් නිරීක්ෂණ අත් පළඳනා පැළඳීම අනිවාර්ය කිරීම සහ ඔවුන්ට සංචරණ සීමා පැණවීම මෙම රෙගුලාසි අතරට අයත්.

පසුගිය සතියේදී රැඳවුම් භාරයෙන් නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් 83 දෙනා අතර ලිංගික හිංසන චූදිතයන් සහ විවිධ අපරාධ සඳහා චෝදනා ලැබු 03 දෙනෙකුද වන බව සඳහන්.

කිසිදු රෙගුලාසියකින් තොරව මෙම පිරිස නිදහස් කිරීම ඔස්ට්‍රේලියාවේ මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවට විපක්ෂ නායක පීටර් ඩට්න් ඇතුලු පාර්ශව ගණනාවක් චෝදනා නගා තිබුණා.

මේ අතර සිටින ඇතැම් අනවසර සංක්‍රමණිකයන් මුදා හැර ඇත්තේ කිසිදු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව බවට ද මෙ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගෙන් ඇතැමුන්ට නිකුත් කර ඇති ලිපිවල සඳහන් වනුයේ තාවකාලික අවසරයක් මත මුදා හරින බව මිස වලංගු වීසා අනුමැතියක් නොවන බවයි මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති ගවේෂණාත්මක හෙළිදරව්වක දැක්වෙන්නේ.

ඒ අනුව මහාධිකරණ තීන්දුව මත මෙලෙස නිදහස් කෙරුණු පිරිසට bridging වීසා බලපත් නිකුත් කල බවට විදේශ ඇමතිනී පෙනී වොංග් ඇතුලූ රජයේ අමාත්‍යවරුන් සිදුකල ප්‍රකාශ අසත්‍ය බවටද චෝදනා එල්ල වනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »